නව විදුලි පනත සම්මත වීමෙන් අනතුරුව විදුලිබල මණ්ඩලයේ සමහරුන්ට තිබෙන බිස්නස් නැති වී යන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. විදුලිබල මණ්ඩලය තරම් ඒකාධිකාරයට ග්‍රහණය වූ වෙනත් ආයතනයක් රටේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි. ඔහු මෙ බව පැවසුවේ පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,

“මේ පනතට අදහස් ගන්න සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළා. නමුත් ආවේ කිහිප දෙනෙක් පමණයි.

තිබුන ආණ්ඩුව ගෙදර යවන්නත්, ගෝඨාභයට එරෙහිව ජනමතයක් ගොඩනගන්නත් විදුලි බල මණ්ඩලයේ ක්‍රියා කලාපය ඉවහල් වුණා. මේ පනත් කෙටුම්පත ගෙන විත් තිබෙන්නේ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට අද දහ දෙනෙක් එළියට ගෙන්න ගන්න බෑ. සම්පූර්ණයෙන් විශ්වාසය බිඳගෙන. විදුලි සේවකයන් බහුතරයක් මේ සංශෝධන වලට පක්‍ෂයි….

මේ පනත සම්මත වූ පසුව සමහරුන්ට තිබෙන බිස්නස් නැති වෙනවා. ගස් අතු කපන්නේ පවා සබඳතා ලබා දෙන්නේ පවා පෞද්ගලික ආයතන…” බවයි.