ඊයේ (27) කොළඹදී පවත්වන ලද සාකච්ඡාවකදී චිනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඊට අදාළ එකඟතා ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට මෙහිදි සයිනොපෙක් සමාගම එකඟ වී ඇත.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් x පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටියේය.

ඒ අනුව නව පිරිපහදුව හම්බන්තොට ස්ථාපනය කිරීමට නියමිත අතර එම ව්‍යාපෘතිය ජුනී මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර ඇති මුදල ඩොලර් බිලියන 4.5කි.