අභාවප්‍රාප්ත  දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඊයේ පැවති අතර එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ මෙම වසරේ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි

කවර පුද්ගලයෙකු අධිකරණයට ගියද මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කර සිටියා

පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවශ්‍ය බවත් එය පැරණි ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා