ඕස්ට්‍රේලියාවේ පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක පුද්ගලයෙක් ගුවන් යානය තුළ නිරුවතින් දිවයාමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා

යානය ගුවනේ පියාසර කරමින් තිබූ අවස්තාවේ අදාළ පුද්ගලයා නිරුවතින් වේගයෙන් දුවගොස් ගුවන් සේවිකාවගේ ශරීරයේ ගැටී තිබෙන අතර මෙම සිදුවීම නිසා ගුවන් යානය නැව​ත හරවා පර්ත් ගුවන් තොටුපොළටම පැමිණ ඇති ඇත.

පැමිණි විගස​ම අදාල පුද්ගල​යා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.

කෙසේ නමුත් අදාල පුද්ගලයා​ගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පොලිස් ආරක්ෂාව යටතේ රෝහල ගත කර ඇති අතර  ලබන ජූනි 14 වැනිදා මෙම මගියාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇති බව සඳහන්.

මෙම මගියා සිය ඇඳුම් ඉවත් කළේ කෙසේද සහ කොතැනද යන්න පැහැදිළි නැති අතර ගුවන් යානය අයත් සමාගම මෙම මගියා නිසා අපහසුතාවයට පත් අනෙක් ගුවන් මගීන්ගෙන් සමාව අයැද තිබෙනවා.