බ්‍රසීල සහයෝගිතා නියෝජිතායතනය හරහා බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජය (ABC) ඖෂධ අන්තර්ගත කුප්පි 10,000ක් ඇතුළු වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.

විදේශ කටයුතු රාජ්‍ය ඇමති  තාරක බාලසූරිය මෙම වෛද්‍ය පරිත්‍යාගය ලබාගෙන තිබෙන අතර ඊයේ  (17) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති Sergio Luiz Canaes වෙතින් මෙම පරිත්‍යාග සිදු කර තිබේ.

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර දිගුකාලීන මිත්‍ර සබඳතා ඉස්මතු කරමින් විදේශ කටයුතු ඇමතිවරයා  විසින් සිදු කරන ලද මෙම සුහද ක්‍රියාව අගය කරන බව බ්‍රසීල රජය ප්‍රකාශ කර ඇත.