මුල්ලිවයික්කාල් අනුස්මරණ දිනය සැමරීම සඳහා අද (18)  කොළඹ බොරැල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ සැමරුම්  උත්සවයක් කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් කොළඹට කැරලි මර්දන පොලිසිය යොදවා තිබේ.

එහිදී පිරිසක් ‘එල්ටීටීඊ සැමරුම් එපා’ යනුවෙන් සඳහන් බැනර් අතැතිව විරෝධතාවයේ නිරත විය.

විරෝධතා හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම සඳහා බොරැල්ල වටරවුම ආසන්නයේ කැරලි මර්දන පොලිසිය යොදවා තිබිණි.

මුල්ලිවයික්කාල් අනුස්මරණ දිනය යනු ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී මියගිය අය සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබන අනුස්මරණ දිනය වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

නිර්මාණි ගුණරත්න