ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා  නිලූක කරුණාරත්න සිය ක්‍රීඩා දිවියෙන් සමුගැනිමේ ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹ ඔලිම්පික් නිවහනේ දී පැවැත්වුණා.

2012,2016 සහ 2020 ඔලිම්පික් උළෙල නියෝජනය කළ  ඔහු වසර  22ක සිය ක්‍රීඩා දිවියේදී රන් පදක්කම් 9ක් සමඟින් දිනූ ජාත්‍යන්තර පදක්කම් සංඛ්‍යාව 21ක්. වන අතර ඔ​හු ඉතිහාසයට එක්වන්නේ ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනූ ලාබාලම ක්‍රීඩකයා ලෙසටයි.

සමුගැනිමේ නිල ප්‍රවෘත්ති සාකච්ඡාවට නිලූකගේ බාල සොයුරු ක්‍රිකට් ක්‍රීඩක  චාමික කරුණාරත්නද එක්ව සිටියා.

ක්‍රී​ඩා දිවියෙන් සමුගත් නිලූක මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපකාර කිරීම සඳහා නිලූක කරුණාරත්න පදනම ද නිල වශයෙන් මෙහිදි ආරම්භ කළ අතර එහි පළමු පියවරෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කම්ලාභී යුපුන් අබේකෝන් වෙත ප්‍රධානයක් ද සිදු කළා.