බදු වැඩිකිරීම් නිර්දේශ කරන මූල්‍ය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කෙන්යාවේ ඇති වූ විරෝධතා මේ වන විට ඉතාම දරුණු තත්වයක් ඇති කර ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරන​වා

මෙම දරුණු තත්ත්වය පාලනය කිරීමට එරට ජනාධිපති විලියම් රූටෝට පොලීසියේ සහායට හමුදාවද යෙදීවීමට කටයුතු කර තිබෙන අතර ඊයේ (25) රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවකදී කෙන්යානු ජනාධිපතිවරයා, පෙළපාලිකරුවන් අපරාධකරුවන්ට සමාන කොට  ප්‍රචණ්ඩත්වයට සහ අරාජිකත්වයට එරෙහිව දැඩි පිළිවෙතක් ගන්නා බවටද පෙළපාලිකරුවන්ට අනතුරු ඇඟවූවා.

තරුණයින්ගේ මූලිකත්වයෙන් මෙම විරෝධතා නයිරෝබි අගනුවර සහ රට පුරා ආරම්භ වූ අතර, බොහෝමයක් පෙළපාලි දහස් ගණනකගේ සහභාගිත්වයෙන් සාමකාමීව ආරම්භ වී ඇත.

සාමකාමි විරෝධතාවයට සහභාගී වූ පෙළපාලිකරුවන්ට  පොලිසිය විසින්  වෙඩි තැබීමත් සමග මෙම ප්‍රචණ්ඩකාරි තත්වය ඇති වූ අතර ඇතැමුන් පාර්ලිමේන්තුවට කඩාපැන එහි කොටසක් ගිනිබත් කිරීමට කටයුතු කළා.

මේ වනවිට පස් දෙනෙකු මියගොස් තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවට වාර්තා වන අතර නයිරෝබිහි විරෝධතාවයේදී වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක්ද රැගෙනම විරෝධතාකරුවන් විරෝධයේ නිරත වී ඇති බව සදහන්