යුක්‍රේන – රුසියා යුද්ධයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවයකරන මෙර​ට විශ්‍රාමික හමුදා සෙබළුන් වෙනුවන් සාකච්ඡා පවත්ව​න බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

එහිදි හිටපු ශ්‍රී ලාංකික හමුදා සෙබළුන්ට මෙන්ම තුවාල ලබා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසට වැටුප් සහ වන්දි මුදල් ලබාදීම සම්බන්ධයෙන්​ද රුසියාව සමග සාකච්ඡා කරන බවත් විදේශ කටයතු අමාත්‍යවරයා පවසා සිටිනවා

එ​ම යුද්ධයෙන් තුවාල ලබා සිටින ශ්‍රී ලාංකිකයන් රෝහල්ගත කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බවද සදහන්

එසේ​ම යුද්ධයේදී අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයන් සියළු දෙනා පිළිබඳවත් රුසියාවේ සිටින මෙරට හමුදා සොල්දාදුවන්  සංඛ්‍යාව පිළිබඳවත් සම්පූර්ණ නම් ලැයිස්තුවක් ලබන සතියේ දී විදේශ අමාත්‍යාංශ නිලධාරීන්ට ලබා දීමටද කටයුතු කරන බව රුසියාව පවසා තිබෙනවා .