තවත් යූරියා පොහොර තොගයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව යූරියා මෙට්‍රික් ටොන් 25000 ක් මෙලෙස ආනයනය කිරීමට අනුමැතිය හිමිවී තිබේ.

මෙම පොහොර තොගය ලංකා පොහොර සමාගම මඟින් 60% ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40%ක් වශයෙන් ආනයනය කිරීමට නියමිතය.

රජයේ පොහොර සමාගම් දෙක හා පෞද්ගලික අංශය සතුව පවතින යූරියා පොහොර ප්‍රමාණය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතිරිව පවතින තොග සැලකිල්ලට ගැනීමේදී යූරියා පොහොර මෙට්‍රික්ටොන් 25000 ක පමණ ප්‍රමාණයක් තවදුරටත් ආනයනය කළ යුතු බවට හඳුනාගෙන ඇත නිසා මෙලෙස යූරියා ආනයනය කිරීමට තීරණය කර ඇත.

නිර්මාණි ගුණරත්න