ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් අද (21) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

අද පස්වරුවේ එම හමුව සිදුවීමට නියමිත අත​ර එහිදි ඉදිරි ජනාධිපතිවරණය සහ මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව​යි සඳහන් වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන ​‍අ​ය අතර හමුවක් ද පසුගියදා සිදුවිය.