රුසියාවේ ජනාධිපතිවරයා ව්ලැදීමීර් පුටින් සිය 5වැනි ධුරකාලය ආරම්භ කිරීමෙන් අනතුරුව පළමු විදෙස් සංචාරය චීනයෙන් ආරම්භ කර තිබෙනවා

එහිදී ඔහු ලෝක දේශපාලනය, යුක්‍රේන යුද ගැටුම් සහ ගාසා යුද්ධය ගැන චීන ජනාධිපති ෂී ජින්පින් සමග සාකච්ඡා කර ඇති බව සඳහන්.

පුටින් පවසා ඇත්තේ රුසියාව සහ චීනය, යුක්‍රේන ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බවයි.

එසේම ගාසා යුද්ධය සඳහා හොඳම වන්නේ රාජ්‍ය දෙකක් යන විසඳුම බව චීන ජනපතිවරයා පවසා තිබේ.