ලබන 26 වෙනි දි​න ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ලබාදීමට පියවර නොගතහොත් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු වලින් ද ඉවත් වීමට සිදුවන බව එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසයි .

කෙසේ වෙතත් ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඊයේ (18) පැවති උත්සවයකදී සඳහන් කළේ, වෘත්තීය ක්‍රියාමාර්ගවල ගුරුවරුන් නිරත වී සිටියත් වත්මන් සිසු පරපුර ඒ මත රැඳී නොසිට සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරාගනිමින් සිටින බවය.