ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතන වලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීමට අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාදීමට ජනාධිපති විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණේ අදාළ සමාගම් සහ  ආයතනවල හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිසි පරිදි නොපියවීම හේතුවෙන් විවිධ පළාත්වල අධිකරණයන්හි නඩු 2,000කට අධික ප්‍රමාණයක් විභාග වෙමින් පවතින පසුබිමකයි.

එම හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිරවුල් කිරීමෙන් පසුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදලට අනුව ආයතනයන් විසින් ගෙවිය යුතු අධිභාර මුදල්වලින් අඩුකළ හැකි උපරිම ප්‍රමාණය අඩුකිරීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස්දීමටත් අදාළ යෝජනාව හරහා වැඩිදුරටත් කරුණු සඳහන් කර තිබුණා.