වසර 15ක් පුරාවට ලොව වේගවත්ම මිනිසා ලෙස වැජඹුණු ඔලිම්පික් ශූර “ජිම් හයින්ස්” ජීවිතක්ෂයට පත්ව තිබේ. 1946 වසරේදී ආර්කන්සාස් හිදී උපත ලැබූ ජිම් හයින්ස් මියයන විට 76 වන වියේ පසු විය.

ජිම් හයින්ස් ඉතිහාසයට එක්වන්නේ මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 10කට අඩු කාලයකින් නිම කළ පළමු මිනිසා ලෙසයි.

එක්සත් ජනපද ශූරතා තරගාවලියේදී මීටර් 100 තරගය තත්පර 9.9කින් නිමකරමින් හයින්ස් එම වාර්තාවට හිමිකම් කීය.

1983දී අමෙරිකාවේ කැල්වින් ස්මිත් විසින් ඔහුගේ ඔලිම්පික් වාර්තාව බිඳ හෙළන තෙන් මීටර් 100 ඉසව්වේ හොඳම කාලය ජිම් හයින්ස් ගේ නම ඉදිරියේ ලියවී තිබුණි.