ඉතිහාසයේ වැඩිම කොරියානු රැකියා කෝටාව මේ වසරේදී ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.

ඒ අනුව කොරියානු රැකියා 6500 ක කෝටාවක් ලැබී ඇති අතර සතියකට 200 කට ආසන්න ශ්‍රමිකයින් පිරිසක් රැකියා සදහා පිටත්ව ගිය බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර සඳහන් කර ඇත.

එමෙන්ම  ඊයේ (23)  දිනයේදී ධීවර අංශයේ රැකියා සදහා 109 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති අතර තවත් ශ්‍රමිකයින් 65 දෙනෙකු හෙට දිනයේදීත්, තවත් ශ්‍රමිකයින් 28 දෙනෙකු අනිද්දා දිනයේදීත් කොරියාව බලාපිටත්ව යාමට නියමිතය.