උත්සව සමය වෙනුවෙන් වැඩි කරන ලද ඉන්ධන කෝටාව අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට යාවත්කාලීන වන මීළග සතියේදීත් එලෙසම ලබාදීමට තීරණය කර ඇත.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති ඩී.වී චානක මේ බව පවසා තිබේ.

පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට උත්සව සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබිණි.

ඒ අනුව ත්‍රි රෝද රථ සදහා ලීටර් 5ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 8 දක්වා ඉහළ දැමිය.

ලීටර් 4ක් යතුරුපැදි සදහා මීට පෙර ලබාදුන් අතර ඉන්ධන කෝටාව ඉහළ නැංවීම අනුව එය ලීටර් 7 දක්වා ඉහළ නැංවුණි.

එමෙන්ම බස් රථ සදහා ලීටර් 40 සිට ලීටර් 60 දක්වාත් මෝටර් රථ සදහා ලීටර් 20 සිට ලීටර් 30 දක්වාත් ඉන්ධන කෝටාව ඉහළ නැංවීය.

එම ඉන්ධන කෝටාව ඉහළ නැංවීම ඊයේ (17) දින දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබුණි.