අන්තර් පළාත් බස් සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ලබන මස සිට අහෝසි කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කර තිබීම පිළිබඳව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය සිය ප්‍රසංශාව පල කර ඇත.

එම සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙය සදහන් කර තබේ.

2018 වසරේ සිට මගීන්ගේ ඉල්ලිම් සලකා බලා අවස්ථා ගණනාවක ම අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට ජාතික ගමනාගමන කොමිසම උත්සහ කලද එම තීරණ ප්‍රවාහන මාෆියාවේ බලපෑම මත අකුලා ගැනීමට සිදු විය.

නමුත් මෙවර ප්‍රවාහන මාෆියාවේ බලපෑමට යටත් නොවී ගෙන ඇති මෙම තීරණය පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ ස්තුතිය පල කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත.

අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති හෙයින් ලබන මාසයෙන් පසුව එය අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පවසා ඇත.

නිර්මාණි ගුණරත්න