අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයට බලපෑ ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ෆ්ලෝරිඩා නුවරින් පිටත්ව යාමට නොහැකිවී තිබේ.

ඒ අනුව අද (13) බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ජලගැලීම් තත්ත්වය සහ වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් වාර රැසක් අවලංගු වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට සිදුවී ඇත්තේ හෙට (14) දිනයේදීය.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගි වන අවසන් තරගය ජුනි 17 වනදා නෙදර්ලන්තයට එරෙහිව ශාන්ත ලුසියා හිදී පැවැත්වීමට නියමිතය.