ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ එම සංගමයේ ලේකම් චතුර ඒ ගල්හේන එම ලිපියට අත්සන් තබා තිබේ.
මේ වනවිට අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 5ක් පමණ ඇති බවත් එම පුරප්පාඩු පිරවීමට දිගින් දිගටම පමාවීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්වන බවත් ඔවුන් එම ලිපියෙන් පෙන්වා දෙයි.