සමගි ජන බලවේගයේ බෙලි අත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද (18) දින එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය.

එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් එතුමා සදහා පක්ෂ සාමාජිකත්වය පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ලබා දෙන ලැබු අතර සිරිකොත මූලාස්ථානයේ පැවති මාධ්‍ය හමුවකටද වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා සම්බන්ධ වූවේය.