සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂය , සමගි ජන සංධානය ලෙස පිහිටුවීමට අදාළ පළමු අදියර අද (05) ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව සමගි ජන බලවේගය සහ නිදහස ජනතා සභාවේ කණ්ඩායමක් අතර අවබෝධතා ගිවිසුමකට එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවසීය.

මාස කිහිපයක පැවැති සාකච්ඡා මත එළඹෙන මැතිවරණය සහ ප්‍රතිපත්තිමය කරුණු මූලික කරගනිමින් එම එකඟතාවට එළඹීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව නිදහස ජනතා සභාව නමින් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කළ මහාචාර්ය ජී.එල් පිරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, කේ.පී කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් සමගි ජන සංධානයට එක්වීමට නියමිතය.

කෙසේ වුවද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ නව සංධානය පිළිබඳ තමන් වෙත කිසිදු දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවය.