විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් දේශබන්දු, දේශමාන්‍ය, ආචාර්ය ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රිය බන්දු මහතා ද අද (1) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක්විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එතුමාව දේශීය හා විදේශීයව ජාතික සමගිය, සාමය, සංහිඳියාව ඇති කිරීමේ සමගි ජන බලවේග කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී.