පාකිස්ථානයේ වෙසෙන උයිගුර් සරණාගතයින් 100 දෙනෙකු පමණ මෙම මාසයේ රාමසාන් උපවාස සමය අවසන් වූ පසු එරටින් පිටුවහල් කිරීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

උයිගුර් යනු මිලියන 1.7ක් පමණ වන ඇෆ්ගන් සරණාගත කණ්ඩායමක ඉතා සුළු ජන කොටසක්.

වසර ගණනාවක සිට පකිස්ථානයේ ජීවත් වූ උයිගුර් සරණාගත පවුල් 18ක පුද්ගලයන් 100දෙනෙකු මෙලෙස පිටුවහල් කෙරෙන බව සදහන්.

මොවුන් ඇෆ්ගනිස්ථානයට හෝ චීනයට පිටුවහල් කරනු ඇතැයි පැවසෙන අතර එහිදී ඔවුන්ට විවිධ හිරිහැර වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි එම සරණාගතයින්ගේ අදහසයි.

පාකිස්ථාන රජය එරට සිටින මෙම සරණාගතයන් පිරිස පිටුවහල් කරන බවට නිවේදනය කළේ පසුගිය ඔක්තොම්බර් මාසයේදීයි.