ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇත.

එය වෙත පිවිසීමේ දී දකින්නට ලැබෙන්නේ, EEE නම් සංකේත නාමයකින් හඳුන්වාගන්නා ලද හැකර්වරයෙක් විසින් එයට ඇතුළු වුණ බවට වන සටහනකුයි. පද්ධතියේ ආරක්ෂක දෝෂ ඉස්මතු කරමින් ඔහු පවසන්නේ තමා සැලකිලිමත් පුරවැසියෙකු බවයි. එසේ ම තමා උසස් පෙළ සිසුවෙකු බවද පවසමින් ඔහු අවධාරණය කරන්නේ ජාතික ආරක්ෂාවේ වැදගත්කම දැනුම් දීම පිණිස මෙම ක්‍රියාව සිදු කළ බවයි.