මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදුන් අවසන් තරඟය අද (17) නෙදර්ලන්තය සමඟින් පැවැත්වුණු අතර ලකුණු 83 ක විශිෂ්ට ජයක් හිමිකරගනිමින් තරඟාවලිය ජයග්‍රාහීව නිමාකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන්ම ඉවත්වීම සහ සමාජ මාධ්‍ය තුළ එල්ලවන විවේචන සම්බන්ධයෙන් නායක වනිඳු හසරංග අදහ​ස් පලකලේය.

” කණ්ඩායමක් විදිහට ඇත්තටම කණගාටුයි. මොකද අපි දන්නවා අපි ඉතාමත් හොඳ කණ්ඩායමක් කියලා. අවාසනාවකට අපිට ඒ ගේම් එක මුල් තරඟ දෙකට ගේන්න බැරි උනා. මන් හිතනවා අපි මේ තරඟය ජයග්‍රහණය කරා ගොඩක් පරක්කු වැඩී. නායකයෙක් විදිහට සහ ක්‍රීඩකයෙක් විදිහට ඇත්තටම ගොඩක් කණගාටුයි ලෝක කුසලානයකට ඇවිල්ලා මේ විදිහට පළවෙනි වටෙන්ම එලියට යන එක ගැන..

ක්‍රීඩකයො විදිහට අපි මුලින්ම සමාජ මාධ්‍ය බලන්න හොඳ නැහැ. ශ්‍රී ලංකා ප්‍රේක්ශකයෝ ලෝකෙ කොහෙ ගියත් අපිට සපෝර්ට් කරනවා. අපි දැක්ක අද තරඟයෙදිත් ප්‍රේක්ශකයො ඇවිල්ල ඉන්නවා. ඉතින් ලංකාවෙ ඉන්න ප්‍රේක්ශකයන්ට කිසිම වරදක් කියන්න බෑ සමාජ මාධ්‍යවල වෙන දේවල් වලට. ප්‍රේක්ශකයො ගොඩක් සපෝර්ට් කරනවා අපි ජයග්‍රහණය කරන වෙලාවෙදී වගේම තරඟ පරදිනකොටත්. ඒ වගේ ප්‍රේක්ශකයො ඉන්න එක ගැන අපි ගොඩක් වාසනාවන්තයි. විශේෂයෙන්ම තරඟ පරදින වෙලාවෙදී. මේ වගේ අවස්තාවලදිත් අපිත් එක්ක ඉන්නවට එයාලට ස්තූති කරන්නෝනෙ. සමාජ මාධ්‍යවල වෙන දේවල් මන් හිතන්නෙ එක්තරා පිරිසක් විසින් කරන දේවල් ප්‍රේක්ශකයින්ව අපිත් එක්ක තරහ කරවන්න. “