ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව අදාළ යෝජනාව කොළඹ ජපාන රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමග සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළැඹීම සඳහා උචිත කාලරාමුවක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඊට අදාළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.