<span;>ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම,කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළ ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමිටර 60 සිට 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත.

ඒ අනුව, එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වලකින ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

මේ අතර, මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන්දොරටු දෙකක් විවෘත කර ඇත.

මෙමගින් තත්පරයට ඝණ අඩි 2500 ක ජල ධාරිතාවක් පහළ වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන බැවින් වේල්ලෙන් පහළ මහවැලි ගඟ පරිහරණය කිරීමේදී සුපරීක්ෂාකාරි වන ලෙසයි මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කර තිබේ.