20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඊයේ (14) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.

ඒ, 2019 සහ 2020 දෙවසර වෙනුවෙනි.

මෙම සම්මාන උළෙලේදී 2019 වසරේ හොඳම නළුවා ලෙස ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ රඟපෑ ප්‍රවීණ රංගනවේදී කමල් අද්දරආරච්චි ද, 2020 වසරේ හොඳම නළුවා ලෙස දි නිවුස්පේපර් චිත්‍රපටයේ කුමාර තිරිමාදුර ද පිදුම් ලැබීය.

මෙම සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ රඟපෑ සමාධි ලක්සිරිද, 2020 වසරේ හොඳම නිළිය ලෙස පාංශු චිත්‍රපටයේ රඟපෑ ප්‍රවීණ රංගනවේදිනී නීටා ප්‍රනාන්දු ද පිදුම් ලැබීය.

මෙම සම්මාන උළෙලේදී 2020 හොඳම පසුබිම් ගායිකාව ලෙස ප්‍රවීණ සංගීතවේදීනි ආචාර්ය නන්දා මාලිනිය පිදුම් ලැබූ අතර ඒ අවස්ථාවේදී නන්දා මාලිනි මහත්මියට සම්මානය පුද කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස එම ස්ථානයට පැමිණ සම්මානය පුද කිරීම විශේෂත්වයක් විය.

මෙහිදී 2019 හොඳම නැගී එන නිළිය-හුස්ම-චමත්කා ලක්මිණිට හිමි වූ අතර 2020-හොඳම නැගී එන නළුවා-පාංශු-ශේවියර් කණිෂ්ක ලෙස පිදුම් ලැබීය.

එමෙන්ම 2020-හොඳම සංගීත අධ්‍යක්ෂණය-ද නිව්ස්පේපර්-ගයාත්‍රි කේමදාසට හිමි වූ අතර ස්
2019-හොඳම නැගී එන නිලියට හිමි සම්මානය -චමත්කා පීරිස්ට හිමි විය.

ඒ අතර 2020-හොඳම නිශ්පාදක-ද නිව්ස්පේපර්-බන්දුල ගුණවර්ධන-එච්.ඩී.පේමසිරි-රවින්ද්‍ර ගුරුගේ හිමි වූ අතර
සම්මාන රැසක් මෙහිදී පිරිනැමිණි.