ආනයනය කළ සහල් තොග සහ මහ කන්නයෙන් ලැබුණු සහල් තොග නිසියාකාරව වෙළඳපොලට බෙදා හැරීමට අවශ්‍ය කරන පියවර රජය ගත යුතු බවත් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සහල් මිල සාධාරණ මිලකට ගෙන යාම ආණ්ඩුවේ වගකීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසීය.
රටේ ආර්ථික කළමනාකරණය නිසියාකාරව ක්‍රියාත්මක වනවානම් මේ වනවිට රටේ සහල් මිල අඩුවිය යුතු බවත්, අඩු මිලට සහල් ලබාදීමේ හැකියාව රජයට තිබෙන බවත් ඊට අවශ්‍ය වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු එහිදි කියා සිටියේය.
අද (13) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මේ බව පැවැසූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාද මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කබීර් හෂීම් කියා සිටියේ,
‘‘2019 පසුව රටේ ජනතාවට හරියාකාරව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. 2020 න් පසුව රටේ දිගින් දිගටම අර්බුද ඇතිවුණා. ඒ නිසා හරියාකාරව ජනතාවට සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න නොහැකි වුණා. 2024 දීත් හරියාකාරව ජනතාවට අලුත් අවුරුද්දක් සමරන්න පුලුවන් තත්ත්වයක් තිබෙන බව පෙනෙන්නට නෑ. රටේ ජනතාවට ප්‍රශ්න පමණයි තිබෙන්නේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමැරීම සමඟ සහල් කියන දේ මූලික දෙයක් බවට පත්වෙනවා. නමුත් රටේ අදවනවිට සහල් මිල පිළිබඳව විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. රටේ ආර්ථික කළමනාකරණය හරියාකාරව ක්‍රියාත්මක වනවානම් මේ වනවිට රටේ සහල් මිල අඩුවෙලා තියෙන්න ඕන.
කීරි සම්බා මෙට්ට්‍රික්ටොන් 50,000 ක් ආනයනය කරන බව ස දෙකකට පෙර වෙළඳ ඇමැතිවරයා කියලා තිබුණා. සිංහල හින්දු අලුත් අවුරුද්ද වනවිට සහල් මිල වැඩි වීමට හැකි බැවින් ඒ නිසා සහල් මිල පාලනය කිරිමට සහල් ආනයනය කරන බව රජය ප්‍රකාශ කරලා තිබුණා. මේ වනවිට ආණ්ඩුව කීරි සම්බා මෙට්ට්‍රික්ටොන් 25,000 යි 30,000 අතර ප්‍රමාණයක් ආනයනය කරලා තිබෙනවා.
ඒ වගේම රටේ මහ කන්නයෙන් මෙවර සාර්ථක අස්වැන්නක් ලබාගෙන තිබෙනවා. ඒ පිළිබඳව කෘෂිකර්මා ඇමැතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරලා තිබෙනවා. සාර්ථික අස්වැන්නක් ලැබිලත් තිබෙනවානම් , සහල් ආනයනය කරලත් තිබෙනවානම් මේ වනවිට වෙළඳපොලේ සහල් මිල අඩුවෙලා තියෙන්න ඕන. නමුත් රජයට සහල් මිල අඩු කර ගන්න නොහැකි වෙලා තිබෙනවා. මෙය ආර්ථික කළමනාකරණයේ ප්‍රශ්නයක්ද නැතිනම් වෙළඳපොලේ ඇතිවෙලා තිබෙන සහල් මාෆියාවේ ප්‍රශ්නයක්ද කියන දේ පිළිබඳව ගැටලුවක් නිර්මාණය වෙලා තිබෙනවා.
2023 දෙසැම්බර්වල කීරි සම්බා කිලෝවක් රුපියල් 245 යි. අදවනවිට කීරි සම්බා කිලෝවක මිල රුපියල් 355 යි. ආණ්ඩුව 2023 දෙසැම්බර් වල සම්බා කිලෝවක් 220 අද වනවිට රුපියල් 263 ක් වෙලා. 2023 දෙසැම්බර්වල නාඩු සහල් කිලෝවක් රුපියල් 190 යි. අද වනවිට නාඩු සහල් කිලෝවක් 219 යි. මේ අනුව බැලුවහම සහල් මිල බරපතල ආකාරයට වැඩි වෙලා තිබෙනවා.
මහ පරිමාන වී මෝල් හිමියන් සහල් වෙළඳපොලේ පාලනයක් ඇති කරනවා නැතිනම් තොග සහ සිල්ලර වෙළඳාමේ සිටින පිරිස් හෝ ආනයනකරුවන් පාරිභෝගිකයන්ට සධාරණයක් ඉටු නොකර සහල් වලින් ශුද්ධ ලාභයක් ගන්නවා. මේ පිළිබඳ සොයා බැලිමේ වගකිම තිබෙන්නේ රජයට.
ආර්ථිකයට මැජික් උත්තර නෑ. කයිවාරු ගහලා රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ. ප්‍රතිපත්ති රාමුවක් තිබෙන්න ඕන. ආර්ථික න්‍යායක් තිබිය යුතුයි. නිෂ්පාදන වෙළඳ පොලට ගෙන යෑම , වෙළඳපොල ඒකාධිකාරයක් හැදිලා තිබෙනවානම් එය බිඳින්නේ කොහොමද , සහල් අඩු මිලට වෙළඳ පොලට ගෙන දීම සඳහා වැඩපිළිවෙළක් සමගි ජනබලවේගය සතුව තිබෙනවා. සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ කෘෂිකර්මය තුළ ගොවියාට සාධාරයක් ඇති කරන්නේ කෙසේද ඒ වගේම පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලට ගැනිමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ආර්ථික වැඩසටහනේ සඳහන් කරලා තිබුණා. ආණ්ඩුව මෙම වැඩපිළිවෙළ සාර්ථිකව සිදුකරන්නේ නෑ. රටේ විකල්ප පක්ෂවලටත් වැඩපිළිවෙළක් නෑ.
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සහල් මිල සාධාරණ මිලකට ගෙන යාම ආණ්ඩුවේ වගකීමක්. ආනයනය කළ සහල් තොගය සහ මහ කන්නයෙන් ලැබුණු සහල් තොග හරියාකාරව වෙළඳපොලට බෙදා හැරීමට අවශ්‍ය කරන පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. අඩු මිලට සහල් දෙන්න පුලුවන් හැකියාව රජයට තිබෙනවා. ඊට අවශ්‍ය වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. සහල් මාෆියාව නැති කරන්න යහපාලන ආණ්ඩුව කාලයේ වැඩපිළිවෙලක් ආරම්භ කළා. නමුත් ඒ වැඩපිළිවෙල ඉවර කරන්න කාලය තිබුණේ නෑ. නැවත සමගි ජනබලවේග රජයක් යටතේ සහල් මාෆියාව නැති කරන්න කටයුතු කරනවා.‘‘ බවයි.