පොතුවිල් ,මානච්චේනිය ,කෝමාරිය ප්රදේශයේදි වල් අලි ප්රහාරයකින් විදේශිකයෙක් මියගොස් ඊයේ උදෑසන (14) මියගොස් ඇත.
ඉතාලි ජාතික ජින්චිනෝ පව්ලෝ සහ තවත් ඉතාලි ජාතිකයෙක් යතුරුපැදි වලින් යමින් සිටියදි මෙම අනතුර සිදුවූ බවයි විමර්ශන වලදි අනාවරණය වී ඇත්තෙ .
අනතුරින් පසුව ඔහුව වහාම පොතුවිල් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇති අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා අම්පාර මහ රෝහලට යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී වැහිත දේවප්රිය මහතාගේ උපදෙස් මත පොතුවිල් පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කමල් සෙනෙවිරත්න මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි .