අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරතවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වතු කම්කරු ජනතාව සමග සුහද පිළිසදරක නිරත විය .

එහිදි  වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් පැන නැගුණු ප්‍රශ්නයේදී තමා ඒ පිළිබදව සොයා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු සේවකයන්ට පවසා සිටි අතර ඒ සම්බන්ධයෙන් සමාගම් සහ වෘත්තීය සමිති වල අදහස් සොයා බලන බවද පැවසීය .

“මම අහන්න යනවා යුනියන්ස් වලින් මොකක්ද කරන්නේ කියලා. මම හිතන්නේ දැනට පොරොන්දු වෙලා තියෙන දේ ගන්න එක හොඳයි. පස්සේ ඉඩම් ගැන. අක්කර 2-3 ඔයගොල්ලන්ට දෙන එකයි තියෙන්නේ. යුනියන්ස් වලින් ඉල්ලුවා 1500ක්. මම හිතන්නේ එකෙන් 1000ක් දෙන්න ඒගොල්ලෝ ලෑස්තියි. අනිත් එක ඉන්සේන්ටිව් එකට ගන්න පුළුවන්. මම අහන්නම් මොකද වුණේ කියලා.”