ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ වැඩ බලන මහ ලේකම් ලෙස  කීර්ති උඩවත්ත පත් වූ අතර ඔවුන් දෙපළට දේශපාලන මණ්ඩලයට පක්ෂයේ කටයුතු කරගෙන යාමට බාධා කිරීම සියලු පක්ෂ වලට වලක්වාලමින් කඩුවෙල දිසා අධිකරණය විසින් අද නියෝගයක් නිකුත් කරතිබෙනවා.

විධායක කාරක සභිකයන් දෙදෙනෙක් වන ඉසුරු අබේවර්ධන, සුමිත් විජයමුණු ද සොයිසා යන දෙදෙනා විධායක කාරක සභිකයින් විසිදෙනෙකු විත්තිකරුවන් ලෙස නම් කරමින් මෙම නඩුව පවරා තිබුණා.

නඩුවේ පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ රසික දිසානායක, ජනාධිපති නීතිඥ වික්‍රම් මොහොමඩ්, කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම වාරණය පනවා තිබෙනවා.