කටාර් එයාර්වේස් සමාගමට අයත් ගුවන්යානයක් කටාර් රාජ්‍යයේ දෝහා සිට අයර්ලන්තයේ ඩබ්ලින් බලා පියාසර කරමින් සිටියදී උඩුගුවනේ වායු කැලඹීමකට හසුවීමෙන් මගීන් 12 දෙනෙක් තුවාල ලබා තිබේ.
යානය නිරුපද්‍රිතව ගොඩබැස්වීමට එහි නියමුවන් සමත්ව තිබූ අතර මගීන් හය දෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් හය දෙනෙක් තුවාල ලබා තිබුණි.
පසුගිය සතියේදී සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබියදී මෙවැනිම වායු කැලඹීමකට හසුවීමෙන් ඇතිවූ කම්පනයෙන් එහි ගමන් කළ මගියෙක් මරණයට පත්වී තිබුණි.