නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතිකයෙක්
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රැගෙන ආ නීතිවිරෝධි දුම්වැටිවල වටිනාකම රුපියල් ලක්ෂ 3කට ආසන්න බවට අනාවරණය වී ඇත.