අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත.

මිල කමිටුවේ නිර්දේශ සඳහා අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ පසුව එම මිල ගණන් තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ

මෙවරද ඉන්ධන මිල අඩු වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරන අතර මිල සළකා බැලීමේදී මිල කමිටුව රුපියලේ අගය ඉහළ යෑම සැළකිල්ලට ගන්නා නමුත් එය එකම නිර්ණායකය නොවන බව සඳහන් වේ.

කෙසේ නමුත් වෙළඳපොළේ සැබෑ ඉන්ධන මිල කෙරෙහි බලපාන සියලු සාධක මත මිල තීරණය කරන බවටයි අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පවසන්නේ.