එක්සත් ජාතීන් විසින් පවත්වාගෙන ගිය මධ්‍යම ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මින් පුද්ගලයින් 39 දෙනෙක් මරණයට පත්ව තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ ඒජන්සිය විසින් පලස්තීන සරණාගතයින් සඳහා මෙම පාසල පවත්වාගෙන ගොස් තිබෙනවා.

මෙම පාසලේ අවතැන් වූවන් විශාල සංඛ්‍යාවක් රැඳී සිට ඇති අතර, තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා අසළ පිහිටි රෝහල වෙත යවා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කෙසේ නමුත් මෙ​ම පාසල තුළ හමාස් ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් ඇති බව සලකා ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර සිටියා

ඊට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානයේ මාධ්‍ය අධ්‍යක්ෂ පවසන්නේ, එහි හමාස් මධ්‍යස්ථානයක් නොතිබුණු බවයි.