අද(18) රජයට අයත් පොහොර සමාගම් දෙකක සේවකයින් 278 දෙනෙ​කු  අනිවාර්යය විශ්‍රාම ගැන්වූ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

මෙලෙස විශ්‍රාම ගන්වා ඇත්​තේ ‘ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ’ සේවකයින් 278 දෙනෙක්

එම පොහොර සමාගම් දෙක එක් සභාපතිවරයෙක්, එක් අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ සහ එක් ආයතනයක් ලෙස කටයුතු කරන බවටද කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

අනිවාර්ය විශ්‍රාම ගැන්වූ සේවකයින් 278 දෙනා සඳහා රුපියල් ලක්ෂ 8 සිට රුපියල් ලක්ෂ 90ක් දක්වා වන්දි මුදල් හිමි වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් ක​ළා

මෙම වන්දි වැඩසටහන සඳහා වැය කරන මුළු මුදල රුපියල් මිලියන 863ක් වන අතර මෙම සේවක විශ්‍රාම වැඩසටහන යටතේ වන්දි ප්‍රදානය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.