ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි

ඉල්ලීම් වලට නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පල කරමින් අද (04) සහ හෙට (05) දෙදින තුළ අසනිප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කල බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද උදෑසන ආරම්භ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ අත්තනෝමතික ලෙස ආදායම් අධිකාරී පනතක් ගෙන ඒමත් රේගු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමටත් බලධාරීන් පියවර ගැනීමට විරෝධය පල කරමිනි