කතානායක අශෝක රංවල සිය කතානායකධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කිසිදු දිනක තමන් සාවධ්‍ය ප්‍රකාශයක් කර නොමැති බවද ඔහු සදහන් කරයි.

තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහතික කිරීම සදහා වන ඇතැම් ලේඛන මේ අවස්ථාවේදී තමන් සතුව නැති බවද, ඇතැම් ලේඛන අදාල ආයතනවලින් ලබාගත යුතු නිසා කඩිනමින් ඒවා ඉදිරිපත් කළ නොහැකි බවද ඔහු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඔහු සිය ඉල්ලා අස්වීම සඳහන් කරමින් යවන ලද ලිපිය පහත දැක්වේ.