මීටියාගොඩ – බලිමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවකට ඊයේ (15) රාත්‍රී කාලයේදී කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බව මිටියාගොඩ පොලිසිය සඳහන් කරයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ, වයස අවුරුදු 49ක් සහ වයස අවුරුදු 29ක් වන බලිමුල්ල, මිටියාගොඩ ප්‍රදේශයේ පදිංචි පියෙක් සහ දියණියකි.

තුවාලකරු හා තුවාලකාරිය නිවසේ සිටියදී, පුද්ගලයින් පිරිසක් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තියුණු ආයුධවලින් පහරදී පලාගොස් ඇති බවට අනාවරණය වී ඇත.

තුවාලකරු හා තුවාලකාරිය බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.