පසුගිය වසරේ සැප්තැම්බර් මස Google සමාගම විසින් නිවේදනය ක​ල පරිදි ඔවුන්ගේ Podcast App එක වන Google Podcasts නිල වශයෙන්ම නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී Podcast සඳහා සවන්දීමේ හැකියාව Youtube Music ඔස්සේ ලබා දීමට Google සමාගම විසින් කටයුතු කරනු ලැබුවා. ඔවුන් Blog Post එකේ සඳහන් කර ඇති ආකාරයට Google Podcasts App එක ඔස්සේ ලබා ගත් සම්පුර්ණම අත්දැකීම, ඊට​ත් වඩා වැඩි දියුණු ආකාරයට YouTube Music App එක ඔස්සේ ලබා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් ඔබ Podcasts සඳහාම වෙන් වු Apps පිළිබඳව විමසිලිමත් නම් ඔබට Apple Podcasts, YouTube Music, Spotify, Deezer, Pocket Casts සහ Overcast යන Apps හඳුන්වා දෙන්න පුලුවන්.