ජාතන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිතයන් කණ්ඩායමක් හෙට (11) සිට මැයි මස 23 වනදා දක්වා ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

මෙම වසරේ සිදු කිරීමට නියමිත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස ඔවුන් මෙලෙස මෙරට පැමිණීමට නියමිතය.

එම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා ද එක්වන බව ද  ජාත්‍යන්තර  මුල්‍ය අරමුදල නිවේදනය කර ඇත.