අද (12) දින  ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල සාකච්ඡාවක් පැවැත්වීමට  නියමිතව තිබෙනවා

2024 වසර සඳහා 4 වන වගන්තිය යටතේ උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමට මෙම සාකච්චාවේ​දී අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් ක​ළා

ඇය එහිදී තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ප්‍රමාණවත් සහ ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බවයි

ණය වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාව බාහිර වාණිජ ණයහිමියන් සමග කඩිනමින් එකඟතාවකට පැමිණෙනු ඇතැයි දැඩි අපේක්ෂාවෙන් පසුවන බව ද ඇය වැඩිදුරට​ත් කියා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාව උද්ධමනය පාලනය කිරීම, සංචිත ඉහළ නංවා ගැනීම, ආර්ථික වර්ධනය ආදිය සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ද ජුලි කොසැක් මහත්මිය පසුගියදා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා සිටියා .