තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය තනුජා දක්ෂිලි පතිරාජ මහත්මිය පැවසුවේ, පසුගිය කාලසීමාව තුළ මුඛ පිළිකා වැළඳීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය තනුජා දක්ෂිලි පතිරාජ මහත්මිය මේ බව සඳහන් කළා ය.

මේ අතර, කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා වැළදීම යම්තාක් දුරට අඩු වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය අවධාරණය කර තිබේ.