මේ වන විට බන්ධනාගාර ගතව සිටින ‍රංගන ශිල්පිණි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව තවත් පැමිණිල්ලක් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර ඔහුගෙන් රුපියල් ලක්ෂ 34ක මුදලක් මොවුන් දෙපළ ලබාගෙන ඇති අතර පසුව ඉන් රුපියල් ලක්ෂ 4ක් නැවත ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධව විමර්ෂණයක් මේවන විට ආරම්භ කර ඇති අතර පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.