කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ලවී ඇති ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියාට එරෙහිව පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අද අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.

එහිදී පරිගණක අපරාධ කොට්ඨාශය දැනුම්දී ඇත්තේ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියාට එරෙහිව ආගාමික සහ විගාමික පනත යටතේ වැරදි අනාවරණය වන බවය.

මේ අතර ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියා විසින් සිදුකළ අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් විරුද්ධ වන බවද පොලීසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙසට අධිකරණයේ කළ ඉල්ලීමට අදාළ නියෝගය ලබාදීම එළඹෙන 27 වනදා දක්වා කල්තබන බවට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා දැනුම්දුන්නේය.