රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (25) පෙරවරුවේ විරෝධතාවක් පවත්වන ලදි.

එම සංගමය විසින් දෙපාර්තමේන්තුගත විධායක සේවාවන් සඳහා නව උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සහ නව උසස්වීම්වලට අදාල කැබිනට් පත්‍රිකාව වහා ඉදිරිපත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මෙහිදි ඉදිරිපත් කරනු ලැබුවා.