සංවිධානාත්මක අපරාධ කල්ලි තුනකට අයත් සාමාජිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට  ඊයේ (20) කොළඹ අපරාධ කොට්ඨාසය සමත්වුණා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44, 26, 23 හා 28 යන වයස්වල පසුවන මරදාන, මෝටර, ග්‍රෑන්ඩ්පාස් සහ මාළිගාවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 450, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 510, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 160ක් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

පසුගිය 19 වනදා සිට පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර ඇති සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ මෙහෙයුම මඟින් මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට පාතාලය සමග ඍජුව සම්බන්ධතා පවත්වනු ලැබූ පුද්ගලයින් 19 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.