නව ඉන්දීය පාර්ලිමේන්තුව ඊයේ (28) න්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අභිනවයෙන් විවෘත කෙරුණි.

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ අවස්ථාව මඟහැරීමට ඉන්දීය විපක්ෂයේ පක්ෂ 19ක් කටයුතු කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ කටයුතු ජනාධිපති ද්‍රවුපති මුර්මු අතින් සිදුවිය යුතු බව ඔවුන් යෝජනා කර තිබිණ.

ඉන්දීය රුපියල් බිලියන 9.7ක් වැය කරමින් මධ්‍යම දිල්ලියේ ඉදිකෙරුණු මෙම පාර්ලිමේන්තුව මහල් හතරකින් යුක්තය.

නව ආසන පහසුකම් ද සහිතව ඉදිකෙරුණු ගොඩනැගිල්ලේ ලොක් සභාව, ඉන්දියාවේ ජාතික පක්ෂියා වන මොනරාගේ වර්ණ යොදා අලංකාර කර තිබේ.

පහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාව නිර්මාණය කර ඇත්තේ ඉන්දියාවේ ජාතික පුෂ්පය වන නෙළුම් මලේ වර්ණ යොදා ගනිමිනි.

පැරණි පාර්ලිමේන්තු මන්දිරයේ ලෝක් සභාව සඳහා පවතින ආසන 543 ට සාපේක්ෂව නව පාර්ලිමේන්තු සංකීර්ණයේ ලෝක සභාව සඳහා ආසන 888 ක් පවතින බව සදහන් වේ.

එමෙන්ම වත්මන් ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභා ආසන 250 ක් පවතින අතර නව පාර්ලිමේන්තුව තුළ එය ආසන 300 ක් දක්වා වැඩි කර ඇත.